WORSHIP
දෙව් ස්වාමීන් මගේ පර්වතයයි
Dew Swamin Mage Parvathayai
දෙව් ස්වාමීන් මගේ පර්වතයයි
මගේ විශ්වාසය එතුමන් තුළමයි
දෙව් ස්වාමීන් මාගේ පලිහයි
මා අදහන්නේ යේසුස් තුළමයි(x2)
සමිඳාණන් මගේ බලකොටුවයි
සමිඳාණන් මගේ මිදුම්කරුයි
සමිඳාණන් මගේ ගැළවීමයි
සමිඳාණන් මගේ උස්කොටුවයි
ජීවත්වන මගේ සමිඳුන් නමදිමි
කරුණා ගුණ උදෙසා ස්තුති පුදමින්
සදහට මා මිදූ දෙවිඳුන් ඔසවමින්
පැසසුම් ගී හිමි නාමෙට ගයමි
මා අදහන්නේ යේසුස් තුළමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →