← Back to all songs
HYMN #B171

දයා සිතිනා ප්‍රේමේ සුරිඳා

Dhayaa Sithinaa Preamea Surinndhaa

දයා සිතිනා ප්‍රේමේ සුරිඳා

කැඳවයි සැමටා ප්‍රීති දිනේ

මෙලොවේ දුක් මැද මෙමා විසුවා

හිමිතුම ලොව දමින් මා මිදුවා

නිමල වූ මඟටා පෙමිනා කැඳවා

ජීවනය නිති දිනුවා

මුලාවී අඳුරේ පාපෙ දුකිනා

සිටිමින දෙරණෙහි පිරි පවිනා

හිමි අත පාමිනා මිදීමා දෙමිනා

මහිමෙට මෙමා ගෙනෙනා

සමිඳුගෙ පිරිසිදු ලෙයින් සේදුනා

සැම පව දවමින ආත්මෙන් පිරෙනා

තේජසෙ රජයේ උරුමෙ ලබමිනා

දමිටුවූ වතින් දිලෙනා

සගය දුරවූ තැනක් සේ පෙනුනා

මා තුළ ප්‍රීති දැන් පැන නගිනා

ඇදහීම ස්ථිර වී සාමේ ලැබුණා

කිතු තුම මඟ පෙන්වනා

සදාකාල දෙව් වචනේ නොසෙල්වේ

පටුමග යන සඳ හිමි රැකුම් වේ

ජයලත් රජිඳා එදිනෙදි හමුවේ

හලෙලූයියා නිති තුති වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →