← Back to all songs
WORSHIP

දෙව් පියාණන් තුළයි අප අදහන්නේ

Dew Piyanan Thulai Apa Adahanne

මරිය මව්නි · Blessed Virgin Mary

දෙව් පියාණන් තුළයි අප අදහන්නේ

පුතු ක්‍රිස්තුස් තුළයි අප අදහන්නේ

ශුද්ධ ආත්මයන් තුළයි අප අදහන්නේ

එක්වී සිටිනා අපි සභාව වන්නේ

ශුද්ධ බයිබලය අප අදහන්නේ

කන්‍යාවකින් ඉපදුනු බව අදහන්නේ

මළවුන්ගෙන් නැගිටුණු බව අදහන්නේ

ක්‍රිස්තුස් නැවතත් පොළොවට එන්නේ

ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි අපේ දෙවිඳුන්

සෑහේ සෑහේ සෑහේ අපේ රජිඳුන්

සැම මහිමය හා ගෞරවය

එතුමන්ට ලැබිය යුතුයි

යේසුස්හට ගයමු අප අදහන බැවින්

යේසුස්ගේ ලේ තුළයි අප අදහන්නේ

සදාකල් ජීවනයයි අදහන්නේ

අප මුදනා එතුම් ප්‍රේමය අදහන්නේ

අප ක්‍රිස්තුස්ගේ මනාලිය වන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →