← Back to all songs
HYMN #B240

දයා ප්‍රේමය ඇති තැන දෙවිඳුන් වැඩ වසනු ඇත

Dhayaa Preamaya Athi Thana Dhevinndhun Vada Vasanu Atha

දයා ප්‍රේමය ඇති තැන

දෙවිඳුන් වැඩ වසනු ඇත

ක්‍රිස්තු තුමන්ගේ ප්‍රේමයෙන්

අපි හැම දෙන එක්වෙමු

එතුමන් තුළ ප්‍රීතියෙන්

සතුටු වෙන්නෙමු

ජීවමාන දෙව් තුමනට

හද බැති පෙම් දක්වමු

අවංක වූ හෘදයෙන්

එකිනෙකාට ප්‍රේම කරමු

අපි කිසියම් තැනකට

එක් රැස්ව සිටිමුද

එක් සිත්ව සිටිනට

ප්‍රවේසම් වෙමු

සන්ඩු දබර නඩු හබ නොව

සාමෙන් ජීවත් වෙමු

කිතු සමිඳාණන් නිති

අප වෙතටම කැඳවා ගනිමු

මොක් වැසියන් සමඟින

ඔබ තේජස දකිනට

නිති සමිඳුනි අපහට

වරය ලැබේවා

තවද කිසිඳු අඩුවක් නැති

සදා සැපත අප ලැබ

සැම කල්හි සග සැප

මොක්පුරයේ අපි විඳිමුව

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →