← Back to all songs
HYMN

දෙවිඳුනි මගේ සිත ස්ථිරයි

Dhavinndhuni Magea Sitha Sthirai

දෙවිඳුනි මගේ සිත ස්ථිරයි

ඔබට ගී ගයන්නෙමි

එසේය මගෙ මුළු මහිමයෙන්

ප්‍රශංසා ගී ගයන්නෙමි //

මනුසත අතරේ නිරන්තරේ

ඔබට ස්තුති කරන්නෙමි

ජාතීන් අතරේ නිරන්තරේ

ප්‍රශංසා ගී ගයන්නෙමි //

ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදී යයි

ඔබගේ සත‍යය අහස්කුසේ පැතිරී යයි //

දෙවිඳුනි මගේ සිත ස්ථිරයි...

මනුසත අතරේ නිරන්තරේ...

ප්‍රශංසා ගී ගයන්නෙමි ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →