← Back to all songs
HYMN #B145

දල්වන් ගින්නක් බෝ බලවත්

Dhalvan Ginnak Boe Balavath

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දල්වන් ගින්නක් බෝ බලවත්

අප තුළ සුරිඳුනි ශ්‍රී සුද අත්

ගින්න වැනි ඇස් වලිනා

සිත් අපගේ සොයනු මැනා

ගින්නෙන් පව් දවලා සැනා

පුබුදන් අප සැමා

ස්වර්ගයෙහි කවුළු ඇරා

ආසිරි බෝ දෙනු මෙවරා

ශුද්ධාත්මේ වගුරවලා

පුබුදන් අප සැමා

දෙව් කරුණා ගුණය මිසක්

නෑ අපගේ කිසිම හොඳක්

දෙව් හස්තේ දිගු කරලා

පුබුදන් අප සැමා

ප්‍රේමයෙනි සිත බැඳිලා

සාමයෙනි සිත පුරවා

එක්සත් වී සිටින ලෙසා

පුබුදන් අප සැමා

දෙව් ගෘහයේ ජ්වලිත කමින්

සිත් අපගේ ඇවිලේ මෙදැන්

යේසුස් සේ සිටින ලෙසින්

පුබුදන් අප සැමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →