← Back to all songs
HYMN

දහසක් අතරින් මා තෝරා ගත්තාවූ

Dhahasak Atharin Maa Thoeraa Gaththaavoo

දහසක් අතරින් මා තෝරා ගත්තාවූ

සමිඳුනි ඔබ හට නිරන්තරේ

බැති ගී ගයන්නෙමි

තුති ගී ගයන්නෙමි

අඳුරින් පිරි ලොව එලිය කරන්නට

දැල්වෙන පහනක් වී

දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට

අවියක් වන්නද මා - //

දෙව් ජනතාවම රස ගන්වන්නට

පොලොවේ ලවනක් වී

දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට

අවියක් වන්නද මා - //

දුක්ගිනි අරවා මේ ලෝ දනහට

සැනසුම් සුවයක් වී

දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට

අවියක් වන්නද මා - //

වැඳුමට පිදුමට වහල් නොවන්නට

සැමටම මඟ පහදා

දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට

අවියක් වන්නද මා - //

දිවියේ සියළුම අගය බලන්නට

සැමටද මඟ පාදා

දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට

අවියක් වන්නද මා - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →