← Back to all songs
HYMN #B003

ආශිර්වාද අපහට වරුෂාව මෙන් දැන්

Aashirvaadha Apahata Varushaava Men Dhan

ආශිර්වාද අපහට වරුෂාව මෙන් දැන්

හෘදය සමාදානෙ ඔබ වගුනර්

ප්‍රේමයෙන් ඔබ අප ස්ථිර කරන්න

සැනසීම දෙන් දැන් - සැනසීම දෙන් දැන්

වනාන්තරෙන් ගමන් යන අප සැමට

නමස්කාර කරත් නිතින් ඔබ දසුන් සැවොම

පුදමු මහිමය ඔබ නාමෙට

මිදීමේ වචනය වර්ධනය

මා ජීවිතේ එය බබලන්නට

ඇදහිල්ල දෙන් දැන් - ඇදහිල්ල දෙන් දැන්

සැබෑවට ස්ථිර සිතින් ජීවත් වෙන්නට

ලකුණු දැන් පේන විට සූදානම් වෙමුව

භූමියෙන් අප ගන්න ස්වාමි ඒවිය

දේවදූතුන් මෙන් නුඹ ස්වර්ග ගෙන යයි

කීකරු සැමහට ප්‍රීතියමයි

සදාකාලෙන් සදාකල් - සදාකාලෙන් සදාකල්

ක්‍රිස්තු සමඟම උරුමෙ ලබයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →