HYMN #B308
යෙරුසලෙම් මගේ රට
Yerusalem Magea Rata
යෙරුසලෙම් මගේ රට
මා සිත් ආලේ ඇති
කවදා එහි වසන්ට
මට ලැබේවිද?
මේ ඇස් දෙකින් නුඹේ රුවත්
මුතු දොරවල්ද,
රන් වීදී ගොඩනැගිලිත්
කවදා දකිම්ද
ඒදනටත් වඩා සොඳ
දුක නැති උයන්
අහෝ! මොන සැපතද?
එහි වසන්ටැත් නම්
දුක් වේදනා මරණේට
ඇයි මා භයවෙන්නේ
මාගේ යෙරුසලෙම් රට
මට අයිති වෙද්දී
සුද්දවරයෝ සිටිති
මා හිමි සමඟින්
එහි ගොස් ඒකතුවෙති
මා මිතුරෝ මෙයින්
යෙරුසලෙම් මගේ රට
මා ආලේ නුඹටයි
නුඹේ සැප දුටු විට
මා වෙහෙස නිවෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →