යෙහෝවා යයිරේ මාගේ සමිඳුන් (මුළු ගීතය)
Yehoevaa Yairea Maagea Saminndhun Mulu Geethaya
යෙහෝවා යයිරේ මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ
සියල්ල හිමි සපයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
රැක්මට සුර දූතයන් එවයි
යෙහෝවා යයිරේ මට සලසයි - //
යෙහෝවා රාෆා මාගේ සමිඳුන්
එතුමන් මගේ සුවයයි
රෝ බිය හිමි වළකයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
අප වට ගිනි වැට රථත් එවයි
යෙහෝවා රාෆා මට සුවයයි - //
යෙහෝවා නිස්සි මාගේ සමිඳුන්
එතුමන් මා ධජයයි
රුපුවද හිමි ගෙන දෙයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
නපුරට ප්‍රථමෙන් මෙමා රකියි
යෙහෝවා නිස්සි මට සවියයි - //
යෙහෝවා ෂාලොම් මාගේ සමිඳුන්
එතුමන් මා සාමේ
දෙවි පිය වෙත ගෙනයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
පාපයේ කුලියෙන් මෙමා මුදයි
යෙහෝවා ෂාලොම් මා පලිහයි - //
යෙහෝවා රා-ආ මාගේ සමිඳුන්
එතුමන් මා එඬේරායි
කුසලාන හිමි පුරවයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
දණ්ඩද සැරයටියද එවයි
යෙහෝවා රා-ආ එකට බෙදයි - //
යෙහෝවා සීකෙම් මාගේ සමිඳුන්
එතුමන් දමිටුකමයි
මා කිළුටෙන් මුදවයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
යුධ සම ලය වැස්මක් කරයි
යෙහෝවා සීකෙම් මා පළඳයි - //
යෙහෝවා ශ්‍යාමා මාගේ සමිඳුන්
එතුමන් මා ළඟමයි
ගිනිමැද හිමි සුරකියි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
මුහුණේ මහිමෙන් බබලවයි
යෙහෝවා ශ්‍යාමා එමා සමඟයි - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →