← Back to all songs
HYMN #B205

යේසුස්ට අයිති හාලේලූයියා

Yeasusta Aithi Haalealooiyaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුස්ට අයිති හාලේලූයියා

මාගේ සන්තෝසේ කියන්ට බෑ

පරණ දේවල් දුරුවුණා

සියළු දේම අලුත් වුණා

මාගේ ගීය ප්‍රශංසාව මයි

දේව කුමරත් කුරුසියත් //

යේසුස්ට අයිති හාලේලූයියා !

මා අන්ධකාරේ නැති වුණා

පාපයේ ආසා මැරුණා මයි

ජීවනා ලෝකේ දුටුවා මයි

යේසුස්ට අයිති හාලේලූයියා !

විවර වුන ස්වර්ගේ දැක්කා

ලේ වලින් මාගේ පව් සේදුවා

යේසුස්ගේ ආත්මෙන් ඉපදුනා

යේසුස්ට අයිති හාලේලූයියා !

මේ ප්‍රේමේ බැම්ම සදාකාලයි

මරණේ දක්වා ප්‍රේම කලා

සදාකාලේට ප්‍රේම කරයි

යේසුස්ට අයිති හාලේලූයියා !

මා ඔබගේම වස්තුවමයි

ඔබ මාගේ පෙම් මිතුරාමයි

මගේ සියල්ලේ සියල්ල මයි

Blessed assurance, Jesus is mine!

Oh, what a foretaste of glory divine!

Heir of salvation, purchase of God,

Born of His Spirit, washed in His blood.

(Refrain):

This is my story, this is my song,

Praising my Savior all the day long;

This is my story, this is my song,

Praising my Savior all the day long.

Perfect submission, perfect delight,

Visions of rapture now burst on my sight;

Angels, descending, bring from above

Echoes of mercy, whispers of love.

Perfect submission, all is at rest,

I in my Savior am happy and blest,

Watching and waiting, looking above,

Filled with His goodness, lost in His love.

Frances J. Crosby - 1873

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →