← Back to all songs
HYMN #B100

යේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය වේ

Yeasusgea Preamea Vishaala Pudhumaya Vea

යේසුස්ගේ ප්‍රේමේ

විශාල පුදුමය වේ

මහ සාගරයත්

සැම තරු වලටත්

උසස්ය කඳු සැමටත්

යේසුස්ගේ නම අනගියි

ලෝකා ලෝකය වෙයි

ආලෝකය බබළයි

ජීවිතයට එළියයි

අඳුරක් නැත මග එළියෙම ඇවිදින

වෙමු අපි සැමදෙනා - //

බලය ඉතා පුදුමයි

ලොව පාලනය කරයි

රජුන්ගේ රජු එතුමයි

ජීවිතයට එළියයි

ඉර සඳ තරු සැම

මැවිල්ල නිතරම

සමිඳුට කීකරු වෙයි - //

දෙවිඳුට අයිති සැමා

ඉදිරියෙ පා තබනා

ජීවනයද රැගෙනා

යන්නෙමු ප්‍රීතියෙනා

සැබෑව සාමය

එතුමය සදහට

අදහමු බැති සිතිනා - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →