← Back to all songs
HYMN #B187

යේසුස්ගේ ලේ (සෝදයි මා ඒ ලෙයින්)

Yeasusgea Lea Soedhai Maa Ea Lein

යේසුස්ගේ ලේ උතුම් අනුහස් දනිම්

සෝදයි මා පව් සැම ඒ ලෙයින්

අදහම් මම් එතුමගේ දයා පෙම්

සෝදයි මා පව් සැම ඒ ලෙයින්

සෝදයි මා ඒ ලෙයින්

මා නිසා වගුළ ඒ ලෙයින්

හිම මෙන් මා පිරිසිදු වෙයි එයින්

සෝදයි මා පව් සැම ඒ ලෙයින්

යේසුස්ගේ ඇළයෙන් තුරන් නොවෙම් මම්

සෝදයි මා පව් සැම ඒ ලෙයින්

කුරුසේ දුක් නිතින් සිහි කරම් මම්

සෝදයි මා පව් සැම ඒ ලෙයින්

සුදු ඇඳුම් ඇඳ සිටියි ඒසඳ

සෝදා මාගේ ඇඳුම් ඒ ලෙයින්

දෙව් නිවෙස් හි ඉඩම් දෙයි හිමි සොඳ

සෝදා මා ශුද්ධ වූ ඒ ලෙයින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →