HYMN #B224
යේසුස් වෙත යමි සැපක් වුනත් දුකක් වුනත්
Yeasus Vetha Yami Sapak Vunath Dhukak Vunath
යේසුස් වෙත යමි //
සැපක් වුනත් දුකක් වුනත්
යේසුස් වෙත යමි
මගේ හිමි යේසුස්තුමා කල්වරියේ මළේ
මා කළ ඒ අපරාධවලින් මුදන්ටමයි
කටු ඔටුන්නක් එතුමාගේ හිසේ තැබුවේ
මගේ හිසෙන් කළ සැම පව් සියල්ල නිසයි
දුෂ්ට දනෝ තිත්ත කාඩි එතුම්ට පෙව්වෝ
මගේ කටින් නික්මුණ ඒ තිත්ත කථා නිසයි
එතුමාගේ අත් පාවල ඇණ තද කළේ
මගේ අත් පාවලින් කළ සියලු පව් නිසයි
එතුමගේ ඇලයට හෙල්ලයකින් ඇන්නේ
මගේ ශරීරයෙන් කළ පව් සියල්ල නිසයි
මෙලෙසට එතුමගේ ලේ දී ගත්තු අපි
යේසුස්ගේ මහත් ප්‍රේමය අත් හරිම්ද කෙසේ
ආවොත් එතුමා වෙතට සැවොම පව්කරුන්
ජීවමාන යේසුතුමා පාපයෙන් ගළවයි
එතුමගේ මාළිගය ආත්මෙන් පිරෙව් සිතයි
යමෙක් එය නාස්ති කළොත් තමන්ම නාසිති වෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →