← Back to all songs
HYMN #B331

යේසුස් සමිඳානන්ගේ ගෝලයෝ වෙමු

Yeasus Saminndhaanangea Goelayoe Vemu

යේසුස් සමිඳානන්ගේ ගෝලයෝ වෙමු

විශ්වාසයෙන් පෙරට යමු

ඉතින් අප සැවොම සමිඳුගෙ සේවෙදි

එකමුතුවෙන් වැඩ කරමු

ආ යේසු රජාණෝ

ඉතා ඉක්මණින් එන්නේ

අපි කඩිනමින්

සේවේ යෙදෙමු //

සැම ලෝ සත වෙත ප්‍රේමය බෙදමූ

යේසුස් වෙත කැඳවා ගනිමු

ඇති සමිඳුන් වෙත මග සකසමිනා

වෙර යොදමින සේවේ යෙදෙමු

සාතන්ගේ බාදාවල් පහකරමු

ඉතින් සමිඳු උදෙසා වෙසෙමු

මේ ලොව පතල සමිඳුගෙ නාමය

සැම ගමකම පතුරවමු

ආත්මෙ කය සමිඳුගෙ සේවෙටයි

ඉතින් මම නොවෙයි සැම සමිඳුයි

කියා අදිටන් කළා එය තහවුරු කළා

සමිඳුගේ දිනේ ප්‍රීති වෙමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →