← Back to all songs
HYMN #B135

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි

Yeasus Men Mithurek Nathimai

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //

මගෙ සැම දුක් කරදර වලට

පිහිට සොයා යන්ට

යේසුස් මගේ සුමිතුරා

යේසුස් මගේ ගුරුතුමා

යේසුස් මගේ ස්වාමිතුම් හා

මිදුම්කරුයි

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //

මගෙ සියළුම පැනයන් වලට

විසඳුම ලැබගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //

මගෙ බිය සැක දුරු කර ගනිමින්

සහනය ලැබ ගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //

මගෙ ලෙඩ දුක් දුරු කර ගනිමින්

සුවය ලබා ගන්ට

යේසුස් මෙන් මිතුරෙක් නැතිමයි //

කල පව් සැම දුරු කර ගනිමින්

මිදීම ලැබ ගන්ට

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →