HYMN #B120
යේසුස් මා මිළය ගෙවී
Yeasus Maa Milaya Gevee
යේසුස් මා මිළය ගෙවී
පව් බර ඉසිලී
ඒ උතුම් පෙම්කඳ හිමි
මා නිසා පූජා වී
සිහිකරම්, ගෙත්සෙමන
ඔබ වින්ද ගාවිනාද
ඔබේ මහත් ප්‍රේමයද
කල්වරි පාමුළ
මා පව් නිසාම යාග වී
නිමල් වූ ඒ තුමා
පහර කෑ සෙනෙහසින්
යෙහොවා පුත් තුමා
සිහිකරම්, ගෙත්සෙමන...
මා උදාරම් සිතිවිලි
හා සැම දොස් නිසා
කටු ඔටුන්න දැරුවා
බැටළු පොව් තුමා
සිහිකරම්, ගෙත්සෙමන...
පවිටුන් මැද එල්ලිලා
උතුම් දෙව් පුත් තුමා
මොවුන් කමා කළ මැනා
අයදියි පෙමිනා
සිහිකරම්, ගෙත්සෙමන...
විස්මපත් උතුම් පෙම් කඳ
කුමක් පුදම්ද? මා
සිතත්, කයත්, අන් සියල්ලත්
පිදුවත් මදි මා
සිහිකරම්, ගෙත්සෙමන...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →