← Back to all songs
HYMN

බෙත්ලෙහෙමේ අද රෑ (ජය ජය ජය සිරි

නත්තල් · Christmas

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ලස්සන බිළි‍ඳෙක් මල් වගේ

මවගෙ ලයේ සුරතල් විඳින්නා

මුතු වැනි රූ සපුවයි ඇගේ

ජය ජය ජය සිරි

ජය මංගල සිරි

මංගල ආසිරි අත්වේවා

මෙලොවට මේ නත්තල් දිනේ...//

තරුවක් බබළයි පුන් සඳක් සේ

රන්වන් රැය අරුණක් වැනියි

කෙදිනකවත් නැති සාමයක් දෙයි

ලොව නව සිරියාවක් ගනියි

ලස්සන මවගේ ඇස් වගේය

බිළිඳා නැලවේ මව් ලයේ

දුර ඇති තරුවේ රැස් වගේය

දිස් වී බබළන මේ රැයේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →