← Back to all songs
HYMN #B177

යේසුස් කැඳවන්නා

Yeasus Kanndhavannaa

යේසුස් කැඳවන්නා //

අශාවෙන් ඔබව ශ්‍රී අත් දිගු

කර යේසුස් කැඳවන්නා

දුකින් ඔබ ඉන්නා වෙලේ

සැනසුම හිමි ගෙන දෙන්නේ //

යේසුස් හිමි වෙත ඔබ එන්නේ නම් අද

නිම් නැති ප්‍රීතිය හිමි ගෙන දෙන්නේ

කඳුළු හිමි පිසියි

කළු රුව සේ ඔබ රකියි //

ජීවිතයේ දුක් කුණාටු දුරු කරයි

සැමදා කිතු හිමි අප සුරකින්නේ

වෙහෙසින් බරවී ඉන්නේ

ශක්තිය හිමි ගෙන දෙන්නේ //

හිමිතුම ගැලවුම ඔබගේ ආලෝකය

සැක බිය දුරලා හිමි වෙත එන්නේ

රෝගීව දුක්වී ඉන්නේ

අසරණ වී ඔබ ඉන්නේ //

සුවවීමේ උල්පත වෙත ඔබ එන්නේ නම්

දැන් නොමිලේම ආසිරි කුතුහිමි දෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →