← Back to all songs
HYMN #B131

යේසුස් ජීවත් වෙයි දනිම්

Yeasus Jeevath Vei Dhanim

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුස් ජීවත් වෙයි දනිම්!

මරණෙට බිය නොවම්

යේසුස් ජීවත් වෙයි දනිම්

සොහොන් බල බිඳුණේ ඉන් හාලේලූයියා!

යේසුස් ජීවත් වෙයි දනිම්!

දිව් දොර වේය මරණේ

බිය දුරු වේ නොහිම්

මරු ළංවන සඳිනේ හාලේලූයියා!

යේසුස් ජීවත් වෙයි දනිම්!

මැරුණේ අප උදෙසා

නිමල් සුද්ද පැවතුම්

ඇතිවමු හිමි නිසා හාලේලූයියා!

යේසුස් ජීවත් වෙයි දනිම්!

මහත් පෙමින් අප කෙරේ

දිවි මරු ඈ කිසිත්

එයින් අප වෙන් නොකෙරේ හාලේලූයියා!

යේසුස් ජීවත් වෙයි දනිම්!

දෙලෙව් බල හා මහිමෙන්

අපිත් ගොස් සග උතුම්

වෙසෙමු යේසුස් හා නිතින් හාලේලූයියා!

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →