← Back to all songs
HYMN #B223

යේසුස් එක්ව යන්නෙම් මෙමා

Yeasus Ekva Yannem Memaa

යේසුස් එක්ව යන්නෙම් මෙමා

නින්දාව උසුලා - සතුටින්

නින්දාව උසුලා

ඔබතුම් දිනාගන්නටා

අතහරිම් මා සියල්ලා

එමි මම ඔබ වෙතා

දෙමි මෙමගෙ දිවි ඔබටා

මිළය ගෙවා එන්නේ මා

යේසුනි මා ඔබහටා

උතුම් කියා නොසිතලා

කොයිදේ වුනත් කවරෙකුවත්

ස්වාමිනි ඔබ මන්ත්‍රණේ

කුමක් වුනත් සූදානම් වේ

දුක හෝ සැපම දෙකේ

ඔබ අනුව එමි නිතිනේ

මිතුරන් එපා කරතත්

සතුරන් ලුහුබඳිතත්

ඔබ අත අල්වා ගෙනා

දිනුම් කනුව බලමි මෙමම්

බෝදෙනා තේරුම් නොගෙනා

බොරුවෙන මා අගුණා

කීවත් බොහෝ ප්‍රීතියෙනා

උසුලමි ඒ මුළු සිතිනා

ඔබගේ සිංහාසනේ හා

පියාණන්ගේ තෙදැත් මූණා

මාගේ මෙම ප්‍රතිපලා

දුටුවාවූ මම් කුමක් පුදම්දෝ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →