← Back to all songs
HYMN #B176

යේසුස් දොරටුව අසළයි සිටින්නේ

Yeasus Dhoratuva Asalai Sitinnea

යේසුස් දොරටුව අසළයි සිටින්නේ

සිත නම් ඔබේ දොරටුවට තට්ටු කරන්නේ

පව්කරුවා නැත පලවා හරින්නේ

පිළිගන්න යේසුස් ඔබේ ස්වාමින් ලෙසිනේ //

හව්හරනක් ඇයිදෝ නැතැයි සිතන්නේ

උමතු වෙමින් ඇයිදෝ කඳුළු හෙලන්නේ

යේසුස් එඬේරා ඔබවයි සොයන්නේ

රැළට ගෙනවුත් සුරකියි නිතිනේ //

ජීවනයත් මාර්ගයත් සත්‍යයත් යේසුස්

දොරකඩත් හිමිමයි එඬේරාත් යේසුස්

යේසුස් තුළින්මයි ගැළවීම ඇත්තේ

ගැළවීම අදමයි ඇයි පමාවෙන්නේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →