← Back to all songs
HYMN

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ

Bethlehem Purea Dhilinndhu Gava Lenea

නත්තල් · Christmas

බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ

ඔරුව තුලේ සිසිලේ නිදයි

යේසු බිළින්දා

යේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී, අමුතු තරුවකී - //

අඳුර මැදින් එළිය මවයි

යේසු බිළින්දා

යේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ...

නිරිඳුන් තිදෙනා, තරුවෙන් දිලෙනා - //

මග අහගෙන යති දැක්මට

යේසු බිළින්දා

යේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ...

සත වෙත කරුණා, පිණිදිය ගලනා - //

මුතු උල්පත පාදා දුනි

යේසු බිළින්දා

යේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ

ඔරුව තුලේ සිසිලේ නිදයි

යේසු බිළින්දා

සාමෙ රජින්ඳා

යේසු බිළින්දා

සාමෙ රජින්ඳා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →