← Back to all songs
HYMN

යේසුනි ඔබේ ආදරේ සෑමදා නොසැලී තියේ 2

Yeasuni Obea Aadharea Saamadhaa Nosalee Thiyea 2

යේසුනි ඔබේ ආදරේ, සෑමදා නොසැලී තියේ

ඔබේ ආදරේ, මහ මෙරක් වගේ //

හිතාගන්නත් බෑ, අදහාගන්නත් බෑ

ඇයි ඔබ මට මෙතරම් ආදරේ

හැකිදෝ මවකට, තම කිරි දරුවා

අමතක කරන්නට, තම අත දරුවා

එසේ කලත් ඈ, ඔබනම් කිසිදා

අමතක කරන්නේ නෑ, මා ඔබේ දරුවා //

යේසුනි ඔබේ ආදරේ, සෑමදා නොසැලී තියේ...

අහසේ පියාඹනා, විහඟුන් කිසිදා

අටු කොටු වල නෑ, උන් රැස් කරලා

එනමුත් මගේ පියා, උන් නිති රකිනා

උන් සැමට වඩා, මා දිවි රකිනා

මා දිවි එතුමන්, සුරතේ රැකෙනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →