← Back to all songs
HYMN #B034

යේසුනි ඔබට නමෝ

Yeasuni Obata Namoe

යේසුනි ඔබට නමෝ

ඔබෙ පිය දෙවි තුමට නමෝ

ඔබ සමඟින් නිතිකල් වැජඹෙන

සුදතුම් හටද නමෝ

සුරපුර බොදුනින් අප හද පුරවා

සිරි සිරුරෙන් අප හට පණ පොවලා

ජීවන ජලයෙන් පුබුදු කළේ

ඔබමය සමිඳු අපේ

ඔබෙ නාමය සැමතැන පතුරන්නම්

ඔබෙ ප්‍රේමය සැම හට පෙන්වන්නම්

දැහැමි ලෙසින් ජීවත් වෙන්නම්

ඔබමය රජිඳු අපේ

අප මව්පිය හට ආසිරි වේවා

අප සොයුරන් මිතුරන් රැකදේවා

සැම සත හට නිති සුව වේවා

අදරැති සමිඳු අපේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →