HYMN
බයවෙන්න එපා කැළඹෙන්න එපා
Bayavenna Epaa Kalabenna Epaa
බය වෙන්න එපා කැළඹෙන්න එපා
අපෙ දෙවිඳුන් අප සමඟයි
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්
අපෙ දෙවිඳුන් අප සමඟයි
මැටි රූපයක් ගල් පිළිමයක්
නොවේ අපේ දෙවිඳුන්
මගේ ජීවිතේ වැඩ වසනා
ජීවමාන රජිඳුන්
රථ වලින් නොවේ කඩු වලින් නොවේ
අශ්වයන්ගේ බලය නොවේ
මට ජය ගෙන දෙන මගේ දෙවිඳුගේ
බලවත් හස්තයමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →