← Back to all songs
HYMN

යේසුනි ඔබ මා ලඟින් ඉන්නවා මට දැනෙනවා

Yeasuni Oba Maa Lanngin

යේසුනි ඔබ මා ලඟින් ඉන්නවා මට දැනෙනවා - //

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ

පොලොවේ කෙලවරදිත් ඔබ හමුවන්නේ

දෙවිඳුනි මා සිත ඔබතුම විමසන්නේ

ඔබගෙන් සැඟවුනු සිතුවිලි මට නැත්තේ

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

මව් කුසයෙහි තැනෙනවිටත් ඔබ මා දන්නේ

රහසින් වැඩෙනාවිට මා හඳුනන්නේ

ඔබගේ නෙත් මා ගත වෙත යොමු වෙන්නේ

බිහිවෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ //

යේසුනි ඔබ මා ලඟින් ඉන්නවා මට දැනෙනවා - //

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →