← Back to all songs
HYMN

යේසුනි ඔබ ඉස්සරවෙලා

Yeasuni Oba Issaravelaa

යේසුනී ඔබ ඉස්සරවෙලා

කුරුසියක් ගෙන ගමන් කළා

පසු පසින් එන මා දෙස බලා

සිනහසී මා සවිමත් කළා //

වේදනා තුළ සිරවෙන්නෙපා

කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා //

සුසුමන් මැද මඳ සිනහා පපා

සැනනෙන්න, සනසන්න - //

යේසුනී ඔබ ඉස්සරවෙලා...

වේදනා සිත පුරවන්නෙපා

මැසිවිලි මුවමත තවරන්නෙපා //

කොඳුරන සිත මැද සිනහා පපා

සැනනෙන්න, සනසන්න - //

යේසුනී ඔබ ඉස්සරවෙලා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →