← Back to all songs
HYMN #B189

යේසුනි මෙන්න සිත මාගේ

Yeasuni Menna Sitha Maagea

යේසුනි මෙන්න සිත මාගේ

දැන් වඩින් මා වෙත මෙදිනේ

ඔබේ මාලිගය කරගන්නේ

ඒ නිසයි මා මැව්වේ මේ ලොවේ

පාප හර්දේ මේ මාගේ

යේසුස්ගේ ලේ වලින් සෝදා

ලෞකික ආසා හැරදා

පවිත්‍ර කරන් සගටා

බෝ කල් පාපේ ගිලී සිටි මා

වියවුල් තැති ගත් සිතේ

එන්නෙම් ශ්‍රී පාමුළ හිමිගේ

අයදිම් සමා පාපයේ

ජීවනේ මාර්ගේ ගෙනාවේ

පාප බරින් මුදන්ටා

යේසුස්ගේ ආදර්ශේ පෙන්වා

විවර කළේ ස්වර්ගේ

දල්වා දිව් ගිනි සිත්හි සැමා

ආත්මයෙන් පූර්ණ කර මා

ලොවේ සාක්ෂිකරුවෙක් සේ මා

පුදනෙම් දිව් හිමි උදෙසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →