← Back to all songs
HYMN #B152

යේසුනි අද අප මැද සිට ශුද්ධ ආත්මේ

Yeasuni Adha Apa Madha Sita Shudhdha Aathmea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යේසුනි අද අප මැද සිට

ශුද්ධ ආත්මේ හුස්ම හෙලනු

ඔබ මෙහි සිටිනා බැව් දැන්

අපට හඟවන්

බලයෙන් පළඳන්

ආසිරි වගුරන්

ශුද්ධකමේ වස්ත්‍ර හඳවන් දැන්

කිළුටු සැම දවා දමමින්

සාමාදානෙන් සිත පුරවන්

ඔබගේ හඬින් මෙන්

දැන් කථා කරමින් අපද සනසන්

ආත්මයෙන් හා සැබෑකමින් අප

ඔබටම වැඳ වැටෙන්ට

පුරවාලා දේව ප්‍රේමයෙන්

ඔබගේ සිත මෙන්

යටහත් කරමින් කරුණා ගුණයෙන්

ඒ පෙන්තකොස්ත දිනයේ ආමෙන්

ගිනි දිව් දක්වන් අප මැදයෙත්

ශුද්ධාත්මේ දැන් වගුරුවලා

පව් සැම දවලා

සුද්දම කරලා ලකුණක් එවලා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →