HYMN #B247
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
Yeasugea Layea Haansivem Pemin
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
ශ්‍රී හස්තයෙන් මඟ පෙන්වමින්
නිම නැති ප්‍රේමේ තුළෙහි වසමින්
පුරවයි හද මගේ ගීතයෙන්
යේසු ළයේ සැනසී සැඟවෙම්
යේසු ළයේ මා වසනෙම්
අදහා බලේ ප්‍රේමයේ
නිතිනා මඟ පෙන්වයි සාමයේ
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
මං දීප්තියෙන් හෙලි කරමින්
ගෙන යන සැමතැන් යේ සතුටින්
සවන් දෙම් හඬටා ප්‍රේමයෙන්
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
ඒ සුරිඳා වෙත තබමින්
කරදර ආවත් රුදුරු විලසින්
ජය බොහෝ ලබනෙම් ස්තුතියෙන්
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
සොදිසියෙන් ජය ගනිමින්
හිමි දයා බෙලෙන් මා ගමන් කරමින්
දිනා ගනිම් සිහසුන් ප්‍රීතියෙන්
යේසුගේ ළයේ හාන්සිවෙම් පෙමින්
තේජසේ සම්පත් ලබමින්
සුමිහිරි නාදෙන් සුදන් ගී නඟමින්
සටනින් වේ ජය තේජසින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →