HYMN #B231
බැති සිතිනා සියළු දෙනා, ආදරයෙන් ගී ගයමු
Bathi Sithinaa Siyalu Dhenaa
බැති සිතිනා සියළු දෙනා
වඳිමුව යේසු තුමා
ඉති සිතිනා දෙවි කුමරා
පිළිගමු අපි සැවොමා
ආදරයෙන් ගී ගයමු
සැමගේම සිත සනසා
දෙවිඳාගෙ ගුණ ගයලා
සතුටින්ම යමු සැවොමා //
අප උදෙසා සතුටුවුණා
පව් බර කරට ගෙනා
කුරුසියෙදී වධ විඳලා
රුධිරය වැගිරෙව්වා
ආදරයෙන් ගී ගයමු...
සාමෙ පතා ආ දෙවිඳා
මනුලොව එළිය කළා
ජීවනයේ මඟ පෙන්වා
සැමදෙන පුබුදු කළා
ආදරයෙන් ගී ගයමු...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →