← Back to all songs
HYMN #B206

යේසුගේ දරුවන්මයි අපි සැවොම

Yeasugea Dharuvanmai

ශුද්ධාත්මයාණන් · Holy Spirit

යේසුගේ දරුවන්මයි අපි සැවොම

ලේ වලින් පිරිසිදු වෙලයි මේ විට

සාක්ෂිය දෙමු අපි සැමතැනම

පුදුමෙකි හිමි කලේ - මේ අපට

මේ ලොව සැමතැන අප යනවා

පිරිසිදු සෙනඟක් කැඳවනවා

යේසු රජු විගසින්ම එන බව මා

සියළුම සෙනඟට - දන්වනවා

ශුද්ධාත්මේ කොඩියයි අපේ බලය

ලැබුවොතින් මිස නම් බෑ යන්ට

දෙව්ලොව හිමි යේසු දැකගන්නට

දිව්‍ය වූ විමානය - හිමි වෙන්නට

පව්කරු දැන් බලන් කුරුසේ දෙස

එල්ලී සිටිනා හිමි දෙසම

පිරිලයි ප්‍රේමයෙන් මුළුමනින්ම

සෝදන්ට නුඹේ සැම - පව් කිළුට

තැවෙනුය නුඹ කල සැම පවටා

ලබනුය අදහා ගිල්වීමා

වළලා නුඹේ ගති මුළුමනිනා

දැවෙනුය ශුද්ධාත්ම - ගිනි කඳිනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →