← Back to all songs
HYMN #B245

යේසු තුමන් සිරුරෙන්, ප්‍රේමේ යේසුගෙ ප්‍රේමේ

Yeasu Thuman Siruren Preamea Yeasuge Preamea

යේසු තුමන් සිරුරෙන් සැලෙනා

ලෙයින ලැබේ සතටා මිදීමා

ගන අඳුරේ සිටි පවිටුනටා

පෙන්වීය මවිතවූ ප්‍රේමේ අගනා

ප්‍රේමේ යේසුගෙ ප්‍රේමේ

ඒ අනර්ග වූ ප්‍රේමේ

මා දිනාගත් ප්‍රේමේ

දිව්‍ය යේසුගේ ප්‍රේමේ - //

මෙලොව සොවින් දිවි ගෙවනකලා

සැනසුම් දේ පෙම් හස්තයෙනා

සමිඳුන් තුළ මා මුද්‍රා කලා

යන්නෙම් නිමල වූ මග තුටිනා

දයා නදින් සැම කැඳවමිනා

දුනිය සුවය අදහන සැමටා

පෙම්බර යේසු මුදුකමිනා

පෙමින් දරාගෙන යේ සොඳිනා

පින්නෙහි හඬසේ හිමි නාදේ

ඇසේය මිහිරි වූ රස වදනේ

ප්‍රීති තෙලින් ආලේප කළේ

නිතිනා වසනට හිමි සෙවනේ

ප්‍රේමෙන සපිරි දිවි අන්තේ

හිඳිනට වේ තෙදැත් ගං ඉවුරේ

මුතු වාසල් සග ඇරී පෙනේ

ඇසේය හිමිගේ නද එදිනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →