← Back to all songs
HYMN

යේසු සමිඳු එනවා අපි බලා සිටින්නෙමු

Yeasu Saminndhu Enavaa Api Balaa Sitinnemu

යේසු සමිඳු එනවා - අපි බලා සිටින්නෙමු

මුදවන්නට එනවා - අපි බලා සිටින්නෙමු

වලාකුලේ එනවා - අපි බලා සිටින්නෙමු

ගෙනයන්නට එනවා - අපි බලා සිටින්නෙමු //

තාවකාලිකයි නවාතැන

අප සිටිනා මේ අඳුරු ලොව

සදාකාලිකයි නවාතැන

දෙවිසමිඳුන් වැඩ සිටින තැන //

මෙලොවේ සිටියත් අප

මෙලොවට අයිති නොවේ

සගලොවක උරුමය ලද

දෙව්දරුවන් හිමිගේ //

තාවකාලිකයි නවාතැන...

යේසු සමිඳු එනවා...

ලොව තුල ඇති උරුමේ

දුදනන් පිළිගන්නේ

කුරුසිය සතුරන්ගේ

දිවියට නැත සහනේ

තාවකාලිකයි නවාතැන...

යේසු සමිඳු එනවා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →