← Back to all songs
HYMN

යේසු සමිඳාණනේ, අපේ දෙවිඳාණනේ

Yeasu Saminndhaananea Apea Dhevinndhaananea

යේසු සමිඳාණනේ, අපේ දෙවිඳාණනේ

ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

මැවිල්ලෙ මුල වූ, සභාවේ හිස වූ

රජුන්ගෙ රජ වූ, දෙවිඳු ඔබයි

මළවුන් පැරදූ, සිහසුන රජවූ

පිය හද තුටු කල දෙවිඳු ඔබයි

ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

ඔබගෙන් වෙන්වූ, කිසිවක් ලොව නැත

සැමට පළමුවෙන් සිටියෙ ඔබයි

ඇරඹුම උල්පත ඔබමයි මුල අග

සැමකල් වැජඹෙන රජිඳු ඔබයි

ඔබයි සියල්ලටම අධිපති වූ ස්වාමිතුමා - //

යේසු සමිඳාණනේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →