← Back to all songs
HYMN #B095

යේසු නාමේ මිහිරි සෑමදා

Yeasu Naamea Mihiri Saamadhaa

යේසු නාමේ මිහිරි සෑමදා

කණට මිහිරි - සිතට ප්‍රීතියි

ජීවනේ දෙන්නා //

යේසු නාමේ ගායනවේ

සෑම දේශයේ

දේව නාමේ දේ සුගන්දේ

පාපි ලෝකයේ

දීප්ත ප්‍රීති කාන්ති ශාන්ති දේ - //

යේසු නාමේ මිහිරි...

පීඩා දුක් විපත් නොයෙක්

ශෝක ඇති දනා

යව් යේසුස් උතුම් වූ

නාමය දරාගෙන

ඒ නම ඔබ මුදාලන්නා - //

යේසු නාමේ මිහිරි...

යක්ෂ පීඩා බන්ධන

අශුද්ධ ආත්මයෝ

යේසු නාමය ඇසූ කල්හි

පලා යන්නෝ

යක්ෂ ප්‍රේත භූත සුන් වුනෝ - //

යේසු නාමේ මිහිරි...

දිව්‍ය නාමෙන් ශුද්ධවන්ත

ආලෝකේ නික්මේ

පාප අන්ධකාරේ නැත්ව

ජීවිතේ දිලේ

දෙව් සොබාව ජීවිතේ වැඩේ - //

යේසු නාමේ මිහිරි...

සෑම නාමෙට වඩා

උසස්ම නාමේ වේ

දෙව්දරුන් ප්‍රේමෙන් වඳිත්

යේසුස් නාමෙට මේ

යේසු මිහිරී ගීතයයි මාගේ - //

යේසු නාමේ මිහිරි...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →