← Back to all songs
HYMN

බර කුරුසියක් කරේ තබා

Bara Kurusiyak Karea Thabaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

බර කුරුසියක් කරේ තබා

කල්වාරියට යනවා

අමාරුවෙන්, අමාරුවෙන්

කන්ද නගිනවා //

මුළු සිරුරෙම ලේ පාට වී

කස පහරවල් පිරී

කටු ඔටුන්නක් හිසේ නිසා

මුහුනත් විරූපි වී //

මම පාපයක් කලයි කියා

දිනෙක මේ ලෙසේ

විඳවන්න සමිඳේ ඔබට වෙයි

සිතුවේ නෑ මෙසේ

බර කුරුසියක්... x 1

ඒ කුරුසේ බර නිසාමදෝ

එතුමා වැටෙනවා

මගේ පාප බර දැනිලාදෝ

නැවත වැටෙනවා //

උසුලන්න බැරි බරක් උසුළා

විරුවකු විලසේ

දිවි දී මා ගලවන්නද

ඔබ ඒ රුදු කුරුසේ

බර කුරුසියක්... x 1

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →