HYMN #B309
යේසු අතේ සුරැකෙම්
Yeasu Athea Surakem
යේසු අතේ සුරැකෙම්, සුරැකෙම් ළයේම
පෙම් සෙවනේම හිඳිම්, සොම්නසින් සැපෙන්ම
කන් දෙව් හඬ දෙව් දූතුන්, දැන් මට ඇසෙන
ඒ තේජසේ කෙත් මැදින්, මැණික් සයුරෙන
යේසු අතේ සුරැකෙම්
සුරැකෙම් ළයේම
පෙම් සෙවනේම හිඳිම්
සොම්නසින් සැපෙන්ම
යේසු අතේ සුරැකෙම්, සුරැකෙම් දුකේදී
පාප බලෙන් සුරැකෙම්, පව් එහි නොයෙදී
දුක් සැම සංසිඳීලා, බියද දුරුවී
සෝක ගිනි නිවීලා, කඳුළුද නැත් වී
යේසු මගේ පිහිට, මා නිසා මැරුණා
ඒ ගිරි රද පිට, වසම් සැදැයෙන
මම් මෙහි බලා සිටිම්, රෑ ඉකුත් වෙමින්ම
අලුයම මනරම් පැමිණෙන තෙක්ම
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →