HYMN #B259
යව් රැගෙන යේසුස් නම
යව් රැගෙන යේසුස් නම
දුක් විපත් ඇති දනන්
සෙත් සැපත් දෙවයි එ නම
ගෙන යන් යනෙන තැන්
අනගි මිහිරි දෙව්ලෙව්හි සෙත් යුත් නම
අනගි, මිහිරි යේසුස්ගේ සොඳ නම
යේසුස්ගේ නම ගෙනයන්
පළිහක් මෙන් නිබඳ
පීඩාවේ දී සිහිකරන්
සුද්ද ඒ නම සොඳ
අනගි මිහිරි දෙව්ලෙව්හි සෙත් යුත් නම
අනගි, මිහිරි යේසුස්ගේ සොඳ නම
යේසුස්ගේ අනගි නම
සිත් පුබදුවයි නොමින්
අප වැළඳ ගත්තාම
සිය පෙම්බර අතින්
අනගි මිහිරි දෙව්ලෙව්හි සෙත් යුත් නම
අනගි, මිහිරි යේසුස්ගේ සොඳ නම
යේසුස්ගේ නමට වැඳ
සිටි හිටි පා මුල
රජුන්ගේ රජය සොඳ
පළඳමු කිරුළ
අනගි මිහිරි දෙව්ලෙව්හි සෙත් යුත් නම
අනගි, මිහිරි යේසුස්ගේ සොඳ නම
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →