HYMN #B385
යෞවන කල ගෙවනා සොයුරෙනි අසනු මැනා
Yauvana Kala Gevanaa Soyureni Asanu Manaa
යෞවන කල ගෙවනා
සොයුරෙනි අසනු මැනා
ඔබ මැව් හිමි තුමනා
සිහි කරනුව තුටිනා //
සෙනෙහසිනා ඇති දැඩි කරනා
තම දෙගුරුන් හැරදා
ලොව දකිනා මායා වලිනා
චංචල වී සිටිනා
හිතවතුනේ මෙය අසනු මැනේ -
හිමි ඔබ අමතන්නේ - //
පැතුම් පතා ගෙන දරුවො ගැනා
මව් පියො කල් ගෙවනා
සිතුම් සිතා මම දනිමි කියා
දරුවන් යති නොමගා
දෙවි උතුමා එය දන්න නිසා -
මෙය අප හට දෙසුවා - //
දෙවි සමිඳා ඔබ හට දෙවනා
එම දේසෙදි සැමදා
බෝ තොසිනා දිවි ගෙවන ලෙසා
රකිනුව මෙය නිබඳා
පිය පුතුනේ මව්පිය වචනේ -
ගරු කරනුව තුටිනේ - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →