← Back to all songs
HYMN #B130

යටහත් වූ රජුන් නැගිට්ටා බලෙන්

Yatahath Voo Rajun Nagittaa Balen

පාස්කුව සහ උත්ථානය · Easter & Resurrection

යටහත් වූ රජුන් නැගිට්ටා බලෙන්

විවරවූ සොහොනක් පෙනේ සැබවින්

හලෙලූයා! ගී දෙව් ස්තුති ප්‍රශංසා

මරණේ බලේ බිඳ ක්‍රිස්තුස් නැගිට්ටා

මළවුන්ගෙන් නැගිට්ට යි කීවෝ දෙව්දූතුන්

මළවුන් අතරේ හිමි නොසොයන්

හලෙලූයා! ගී දෙව්...

පාතාලේ දොරටු වසලා ඇත

සමිඳු අතේ එහි යතුර ඇත

හලෙලූයා! ගී දෙව්...

එම්බා මරණය, තා කටුව කොයිද?

පාපේ බල බිඳ නැගිට්ටා නේද?

හලෙලූයා! ගී දෙව්...

පාපේ කුලිය නම් මරණය වේ

ඒ කුලිය ගෙවා ක්‍රිස්තුස් නැගිට්ටේ

හලෙලූයා! ගී දෙව්...

හෝසන්නා! හෝසන්නා! හෝසන්නාම වේ

ජයගත් රජුහට හෝසන්නාම, වේ

හලෙලූයා! ගී දෙව්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →