← Back to all songs
HYMN #B289

යමි යේසුස් එක්ව මම්, සැමදා, සැමදා

Yami Yeasus Ekva Mam Samadhaa Samadhaa

යමි යේසුස් එක්ව මම්

උස් හෙලත්, මිටි බිමෙත්,

අඳුරේ හෝ එළියෙත් සදාකල්

පොළොවේ නෑ කවුරුවත්

ස්වර්ගෙ නෑ කවරෙක්වත්

මෙලොව නෑ කවුරුවත් - ඔබමයි

සැමදා, සැමදා, යමි ළංව

යේසුස්ට මම් සැමදා

මගදී මම් ගී කියම්

අඳුරෙදි ස්තුති දෙම්

යාච්ඤාවේ යෙදී සිටිම් - සැමදා

යේසු වැඩියා මෙලෝ - යටත්වුනා මා නිසා

දුක් හා වේදනා වින්දා - කුරුසේ

සතුරාව පරදා - නැගීගොස් පියාවෙතා

මැදහත්කම් කරනා - පූජක

ස්වාමිනි පිහිටවෙන් පරවියෙක් මෙන් කරන්

යටත්කමින් විශ්වාසෙන් - ඉන්නට

නොකැලැල්ව නිදොසින් - පූජාවෙන්ට උදව්වෙන්

පව්කරුන්ගෙන් වෙන්කරන් ඔබට

මූණ දැක ඒ දින - දිවීම මා නිමවී

කෑගසම් ජය ගීය - සදාකල්

රන් වීණා ගසමි මම් - මංගල්‍ය වස්ත්‍ර හැඳ

යේසු හා රජ කරම් - සදාකල්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →