← Back to all songs
HYMN

විශ්වයේ මැවුම්කරුවානනී

Vishvayea Mavumkaruvaananee

ඔබ නමදින්නට ආවෙමි සමිඳේ

ඔබ හට ඇති ප්‍රේමේ නිසා

පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා

ඔබ මාගේ දෙවිඳු නිසා

හද පිරි සතුටින් ඔබ පසසමි මම්

ගැලවුම්කරු ඔබම නිසා

මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්

නමදිමි මා දෙව් සමිඳා

විශ්වයේ මැවුම්කරුවානනී

ඔබටයි මේ ස්තුති ගී

පසසා ගයම් ඔබේ නාමය

වඳිනෙම් ඔබ තුම බැතිනී //

අහසේ තරු දෙස බැලුවෙමි මා

කෙතරම් පුදුමද ඒවා

කඳු ශිකරයන් මා නෙත ගැටුනා

ඔබ බලමහිමය දුටුවා

ගී දෙන කුරුලන් සුවඳැති පොඩි මල්

මැවිල්ලේ අරුමය පෑවා

ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්

දෙවිඳේ ඔබ මා මැව්වා...

විශ්වයේ මැවුම්කරුවානනී... //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →