← Back to all songs
HYMN

විශ්වය ඔබෙයි නිර්මාණකරුනි

Vishvaya Obei

විශ්වය ඔබෙයි නිර්මාණකරුනි

සැලසුම් ඔබෙයි මා ජීවිත ගමනේ //

සෙනෙහස ගලයි ඒ ලෙය පව් නසයි

සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ //

මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි

මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නෙමි //

සමිඳේ ඔබෙ ස්පර්ශය මට දැන් දැනෙනවාය

ගින්නක් සේ මා තුළ පැතිර යයි

නිරතුරු ඔබ මා තුළ රජ කරයි

රජ කරයි, රජ කරයි

සමිඳේ ඔබ මා තුළ රජ කරයි

මට හැඟෙයි, එය දැන් දැනෙයි

සමිඳේ ඔබෙ ස්පර්ශය මට දැනෙයි

මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි...

සමිඳේ ඔබෙ ස්පර්ශය ...

හාලේලූයියා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →