HYMN
වටිනාම වස්තුවයි, මා ඔබේ මැවිල්ලේ
Vatinaama Vasthuvai Maa Obea Mavillea
වටිනාම වස්තුවයි, මා ඔබේ මැවිල්ලේ
කෙතරම් අගයක් තිබේද, මා හට මේ දිවියේ...
පොළොවේ ලුණු වෙන්නයි, සමිදුන් ඉගැන්නුවේ
අඳුරේ පහනක් වෙන්නයි, ඔබ මා කැඳෙව්වේ
වටිනාම වස්තුවයි, මා ඔබේ මැවිල්ලේ
කෙතරම් අගයක් තිබෙයිද, මා හට මේ දිවියේ
මා දෙසට හැරී, කරුණා කරනා
මට ශක්තිය දි, උපකාර වෙනා
දෙව් වදන් වලින්, මාව සනසවනා
මට උගන්වමින්, මා රැගෙන යන්නා
ඔබ පමණක්මයි දෙවියන් වහන්සේ
ඔබ පමණක්මයි ස්වාමීන් වහන්සේ
ඔබ පමණක්මයි ශුද්ධතුන් සමින්දේ
ඔබට පමණක් මයි මා දණ නමන්නේ //
ඔබ තරම් මා දන්නා වු, ඔබ තරම් මා හදුනන්නාවු
ඔබට තරම් වටින්නාවු, වෙන කවුරුත් නැත, මා හදුනන්නේ
ඔබ පමණක්මයි දෙවියන් වහන්සේ
ඔබ පමණක්මයි ස්වාමීන් වහන්සේ
ඔබ පමණක්මයි ශුද්ධතුන් සමින්දේ
ඔබට පමණක් මයි මා දණ නමන්නේ ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →