← Back to all songs
HYMN

වසංගතයක් ඔබෙ කූඩාරමට

Vasangathayak Obe Koodaaramata

වසංගතයක් ඔබෙ කූඩාරමට

ලං වන්නේ නෑ පුතුනි

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනි

(ගයව් හාලේලුයියා /// ආමෙන් ) //

මහෝත්තම මා සමිඳේ

ඔබ මාගේ රැකවරණේ //

ස්වර්ගයේද පොළවෙහිද

ඔබ මාගේ රැකවරණේ //

වසංගතයක්...

යේසුස්ගේ අනගි ලෙයින්

සාතන්ව පැරදෙව්වේ //

ආත්මයෙන්ද වචනයෙන්ද

සැමදාම ජයගන්නේ //

වසංගතයක්...

සමිදුන් තුල විඳි පීඩාවන්

නිශ්ඵල වන්නේ නැත //

නොසැලී මා පීඩා මැද

ඉදිරියටම යන්නේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →