HYMN
වන්නට ඔබ මෙන් මා කැමති යේසුනි
Vannata Oba Men Maa Kamathi Yeasuni
වන්නට ඔබ මෙන්
මා කැමති යේසුනි
ඔබ ගිය මග යන්නට
කැමති යේසුනි
ඒ වේදනා
දැරුවෙ කොහොමද යේසුනි
යේසුනි, යේසුනි
කෙල හැසුවා, බට දන්ඩෙන් ගැසුවා
ලේ සැළුවා කස පහරත් ලැබුවා
ඇණ ගැසුවා කටු ඔටුන්නක් දැම්මා
කුරුසිය දැරුවා, ජීවිතයත් දුන්නා
යේසුනි මගෙ යේසුනි
ආදයෙයි මා සමිඳුනි //
මරණය පරදා, ස්වර්ගයටත් නැග්ගා
ජය ගත්තා, මුළු ලොව ජය ගත්තා
ගලවා ගත්තා, අප දිවි ජය ගත්තා
මිල ගෙව්වා, අප පව් සේදුවා...
යේසුනි මගෙ යේසුනි
ආදයෙයි මා සමිඳුනි //
වන්නට ඔබ මෙන්...
යේසුනි මගෙ යේසුනි... ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →