HYMN #B013
තුති වේවා දෙවිඳුට අති උදයේ
Thuthi Veavaa Dhevinndhuta Athi Udhayea
තුති වේවා දෙවිඳුට අති උදයේ
තුති වේවා දෙවිඳුට මුළු දවසේ
ගී පැසසුම් නද දේව දරුන්
මුවඟින් නගිනේ සඟටා //
සගසෙන් සමඟින් සකල මැවිල්ල
දෙති පැසසුම් හිමිටා //
ඒ ඒ පැයේ නෙක දේශ වලින්
නගිනේ පැසසුම් හිමිටා
කිතු තුම් නම දැන් ඔසවා
තුටිනේ ආසිරි බෝ ලබනා
ලෝ වෙත දෙව්පිය පුත් එවමින්
අප සෑම පවින් මිදුවා
හිමි ලත් පහරින් ලෙඩ රෝග
සුවේ දුනි නිත් තුතිවේවා
කෑමද බීමද දීම ඇඳීමද
ගේ දොර කාසි වතු
ගිනි වාතය ඈ ජලය
සැමදේ ඇත සපයා දෙවිඳු
ප්‍රේමය සාමය ප්‍රීතිය ශුද්ධකම
ඉවසීම මහා
යටහත්කම ඇදහිල්ල පැතුම
දෙයි දේවපියා අපටා
ද්වේශය ක්‍රෝධය වෛරය මානය
නැති වී ගියේ හදිනා
දෙව් තුම් ගුණයෙන් බලයෙන්
සැරසී නිර්මල වෙම් සොඳිනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →