HYMN #B011
තුති තුති පුදම් මහිමෙ ප්‍රශංසා
Thuthi Thuthi Pudham Dhevindhuta Memam
තුති තුති පුදම් දෙවින්දුට මෙමම්
මුළු ලොවෙහි ජාතිනි න..ම..දිව්
ජාති බේද බිඳා සාමදානේ ගෙනා
කුරුසියේ පූජාවෙන් මේ ලොවටා
මහිමෙ ප්‍රශංසා ගී දෙමු තොසේ
දමිටු රජ වූ නාමය පුදුමයි
නමදිව් යෙහෝවා මේ
හලෙලුයියා කියව්! අලුත් ගීය නඟව්
සියොනම බලා යන වි..දේ..ශින්
උසස් පහත් තැනා සෑම අය එක්වා
සැලකුවේ මා මිදූ දෙවිතුමා
ලොකු කුඩා සැමා ගයව් ගෙන වීණා
වහලෙකු සේ යටහත් ස..ම්..ටා
පූජා කළේ මෙමා සැම ඔබ වෙතා
වෙනස් කළේ නෑ ඔබ ගිවිසුමා
පාපේ නැති කර රෝග සුව කර
ජීවනය ගෙන දුන්නා ලො..ව..ටා
සග උරුමය සුදනන්ට වේය
පියතුමන් සමඟ රාජ්ජයටා
අහෝ! කෙසේ කියම් ගැලවීමේ පුවත්
පාපේ මැරී සිටින්නවූ අ..යින්..ටා
මරු බල බිඳා අමරණේ ගෙනා
ගුණ වනම් රජතුම් සැමතැනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →